දේශීය

ලංකාවට පැමිණි IMF නියෝජිතයෝ අගමැති සමග සාකච්ඡා අරඹති

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් 10 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිස මීට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.

අදාළ පිරිස අද (ජූනි 20) මෙරටට පැමිණියහ.

එම පිරිස සතියක කාලයක් මෙරට රැඳී සිටීමට නියමිත ය.

එම කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගලවා ගැනීම සඳහා වන 17 වන වැඩසටහන කුමක් ද? යන්න පිළිබඳව මෑතකාලීනව සිදු කළ සාකච්ඡා දිගට ම කරගෙන යනු ඇති බව IMF ඊයේ (ජූනි 19) ප්‍රකාශ කළේ ය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහය දැක්වීමට අපගේ කැපවීම අපි යළි ත් තහවුරු කරමු,” ඔවුහු ප්‍රකාශ කළහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 3ක පමණ මුදලක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව රජය මීට ප්‍රකාශ කර තිබිණි.

Related posts

74 වන ජාතික නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරශ්‍රයේදී

Mohamed Dilsad

ලබන 25 සහ 26 නිරිත දිග මෝසම සක්‍රීය වන ලකුණු

Mohamed Dilsad

සඳුදා සිට ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම පිළිබඳව ජනපතිගේ අවධානය

Mohamed Dilsad

Leave a Comment