දේශීය

අද එන්න තිබූ පෙට්‍රල් නැව දිනයකින් පමා වෙයි

(UTV | කොළඹ) – ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක් සමග අද දිවයිනට ළගාවීමට නියමිත වූ නෞකාව පැමිණීම එක් දිනයකින් ප්‍රමාද වී තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කළේ අද සහ හෙට දිනවලදී දිවයින පුරා පෙට්‍රල් බෙදා හැරීම සීමා සහිතව සිදුකිරීමට සිදුව ඇති බවයි.

කෙසේවෙතත් ඔටෝ ඩීසල් බෙදා හැරීම පූර්ණ ධාරිතාවයෙන් සිදුකරන බවද ඔහු සඳහන් කළා.

සුපර් ඩීසල් බෙදා හැරීමද සීමිත අන්දමින් සිදුකිරීමට සිදුවන බවයි කාංචන විජේසේකර මහතා කියා සිටියේ.

Related posts

දිවයින පුරා කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන 12 ක් ස්ථාපිත කෙරේ

Mohamed Dilsad

අද රාත්‍රියේ ඡායා චන්ද්‍රගහණයක් දිස්වෙයි

Mohamed Dilsad

තද වැසි පිළිබඳ කාලගුණෙන් අවවාදාත්මක නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment