දේශීය

දිවයිනේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් හරහා සෞඛ්‍ය සේවකයින්ට අද සිට ඉන්ධන

(UTV | කොළඹ) – දිවයිනේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් හරහා සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙල අද ආරම්භ කෙරෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය සෞඛ්‍ය සේවකයින් ඔවුන් සේවය කරන රෝහල් පරිපාලනය හරහා ලියාපදිංචි විය යුතු බවයි.

එලෙස ලියාපදිංචි වූ සෞඛ්‍ය සේවකයින්ට පමණක් අද සිට සෑම සිකුරාදා දිනයකදීම ඉන්ධන සැපයෙනු ඇති.

තෝරාගත් ඉන්ධන පිරවුම්හල් 74 ක් හරහා මෙලෙස ඉන්ධන ලබාදීම සිදුවනවා.

Related posts

චීන ආරක්ෂක ඇමැතිගේ ආරක්ෂාවට බාධාකළ පුද්ගලයා අත්අඩංගුවට

Mohamed Dilsad

ඉහළ කොත්මලේ වාන් දොරටු විවෘත කරයි

Mohamed Dilsad

මාලිමාවට බලය හිමි, පඩුවස්නුවර සභාවේ අයවැය පරදී

Editor O

Leave a Comment