දේශීය

පොහොර නැව තව දුරටත් ප්‍රමාදයි

(UTV | කොළඹ) – යූරියා පොහොර රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණීම තවදුරටත් ප්‍රමාද වන බව කොමර්ෂල් පොහොර සමාගම පවසයි.

ජූලි 6 මෙරටට පැමිණීමට නියමිතව තිබූ නෞකාවේ ප්‍රමාදයක් හේතුවෙන් වෙනත් නෞකාවක් මෙරටටපැමිණීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

ඕමානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මෙම නෞකාවේ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් ඇත.

ඉන්දීය ණය පහසුකම් යටතේ ලබාගත් පොහොර තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන එන බවයි කොමර්ෂල් පොහොර සමාගම ප්‍රකාශ කළේ.

පොහොරවල ප්‍රමිතිය පිළිබඳව පාර්ශ්ව තුනක් විසින් විමර්ශනය කරන බවද එම සමාගම පෙන්වා දෙයි.

Related posts

පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි

Mohamed Dilsad

රටේ දරු පරපුර වෙනුවෙන් අනාගතයට ගැළපෙන ශක්තිමත් ආර්ථික ක්‍රමයක් ඇති කරනවා – ජනාධිපති

Editor O

වත්තල ප්‍රදේශ කිහිපයකට පැය 24 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment