දේශීය

එළවළු මිල නොසිතූ ලෙස පහළ යයි..

(UTV | කොළඹ) – ඉන්ධන අර්බුදයෙන් වෙළෙඳුන් හිරවෙලා ඉන්ධන අර්බුදය හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානවලට පිට පළාත්වලින් වෙළෙඳුන් නොපැමිණීම නිසා එළවළු තොග මිල ගණන් අඩුවී ඇතැයි එම ආර්ථික මධ්‍යස්ථානවල නිලධාරීහු පවසනවා.

එමෙන්ම,ගොවීන්ට සිය එළවළු තොග ආර්ථික මධ්‍යස්ථානවලට රැගෙන ඒමට ක්‍රමවේදයක් නොමැති නිසා,ඇතැම් අවස්ථාවල අස්වනු තොග වගා බිම්වලම විනාශ වන බවද ගොවීහු පවසති.

බෝංචි තොග කිලෝවක් පසුගිය සතියේදී රුපියල් 500 ත් 600 ත් අතර මිලකට අලෙවි කෙරුණු අතර,ඊයේ (28 වැනිදා) දිනයේදී බෝංචි කිලෝවක තොග මිල රුපියල් 280 ත් 300 ත් අතර මිලක් දක්වා පහත වැටී තිබුණි.

Related posts

කුසල් මෙන්ඩිස් ට කොවිඩ්

Mohamed Dilsad

“අස්වැසුම” ගැනීම නීත්‍යානුකූල හිඟාකෑමක් – ඇමති සුනිල් හඳුන්නෙත්ති

Editor O

වී කිලෝවට රු. 150ක සහතික මිලක් අවශ්‍යයි – ජාතික ගොවිජන එකමුතුව

Editor O

Leave a Comment