දේශීය

ඉන්ධන ගැටලුවෙන් දුම්රිය ගමන් වාර 22 ක් අදත් අවලංගුයි

(UTV | කොළඹ) – ඉන්ධන ගැටලුව හේතුවෙන් දුම්රිය සේවකයින් සිය රාජකාරියට වාර්තා නොකිරීම නිසා අද (01) දිනයේදී කාර්යාල සේවා ඇතුලු ගමන් වාර 22 ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව රඹුක්කන, මීරිගම සහ වේයන්ගොඩ දක්වා කොටුවෙන් ආරම්භ වී ප්‍රධාන මාර්ගයේ ධාවනය වන කාර්යාල දුම්රිය කිහිපයක් සහ හලාවත, පානදුර, වාද්දුව දක්වා ධාවනය වන දුම්රිය දුම්රිය කිහිපයක් ද මෙලෙස අවලංගු වී තිබෙනවා.

එමෙන්ම කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා කළින් ආසන වෙන් කරවාගෙන ධාවනය වන උදයදේවි දුම්රිය ද අවිස්සාවේල්ල බලා ධාවනය වන භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ද අවලංගු වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

ජනාධිපතිවරණ දිනය තීරණය කර අවසන්

Editor O

මිනිස්සු බඩගින්නේ මැරෙනවා – දේශපාලනඥයෝ ඇනකොටා ගන්නවා

Mohamed Dilsad

මැතිවරණ සමයේ රාජ්‍ය දේපළ අවභාවිත කිරීම ගැන මැතිවරණ කොමිෂම විමසිල්ලෙන්

Editor O

Leave a Comment