දේශීය

උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තුවේ

(UTV | කොළඹ) – 2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළැඹෙන අගෝස්තු මස 15 වන දින නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

අද (04) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, මේ වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය ඒ අනුව නොවැම්බර් මස පැවැත්වීමට කටයුතු යොදා ඇති බවය.

පසුගිව වසරේ පැවැත්වීම නියමිතව තිබූ උසස් පෙළ විභාගය මේ වසරේ පෙබරවාරි මස 7 වන දා සිට පැවැත්වුණි.

මෙවර උසස් පෙළ විභාගය සඳහා සිසුන් 345,242 දෙනෙකු මධ්‍යස්ථාන 2,438කදී විභාගය සඳහා පෙනී සිටියේය.

Related posts

වත්තලදී එකම පවුලේ සිව් දෙනෙක් මුහුදට බිලි වෙයි

Mohamed Dilsad

අක්ෂි ශල්‍යකර්මයකින් පසු කාන්තාවක් මියයාම ගැන සැකයක්

Mohamed Dilsad

ව්‍යාජ නෝට්ටු 50 ක් සමග පුද්ගලයින් 2 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment