දේශීය

ණය බර ගැන අගමැතිගෙන් විශේෂ හෙළිදරව්වක්

(UTV | කොළඹ) – මේ වසර අවසානය වනවිට ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 3,489ක් ණය මුදලක් ගෙවීමට ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (05) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අගමැතිවරයා මේ බව කියාසිටියේය.

එමෙන්ම 2023 දී ඩොලර් මිලියන 5,862ක්, 2024 වසරේ දී ඩොලර් මිලියන 4,916ක්, 2025 දී ඩොලර් මිලියන 6,287ක්, 2026 දී ඩොලර් මිලියන 4,030ක් හා 2027 දී ඩොලර් මිලියන 4,381ක් යනාදී වශයෙන් ණය ගෙවීමට සිදුවන බව ද අගමැතිවරයා පැවසීය.

“ඒ කියන්නේ සම්පුර්ණයෙන්ම අපිට ඩොලර් බිලියන 28ක් ගෙවීමට සිදුවෙනවා. මෙතනයි අපේ ණය බර තියෙන්නේ. 2021 අවසානයේ රජයේ මුළු ණය බර රුපියල් මිලියන 17,589ක්. 2022 මාර්තු වනවිට රුපියල් මිලියන 21,969ක්. මේ තමා සැබෑ තත්ත්වය. අපේ ජාතික ණය අද තියෙන්නේ දළ දේශීය නිෂ්පාදනයේ 140ක්. IMF එක්ක බලාපොරොත්තු වෙන්නේ 2032 වනවිට දළ දේශීය නිෂ්පාදනය සියයට 95ක් කරන්න. ඒ වගේම අද අපේ ආදායම් දළ දේශීය ආදායමෙන් 7.3යි. අපි බලන්නේ 2026 වනවිට එය 14%ක් බවට පත්කරන්න. අපි මේ සංඛ්‍යා ලේඛන බලනවා නම් රටට සිදුවුණු දේ පැහැදිලියි.”

තවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැති සාකච්ඡා සාර්ථක නමුත් මාණ්ඩලික මට්ටමේ එකඟතාවයට පැමිණීමට නම් ණය තිරසර භාවය පිලිබඳ සැලැස්මක් ඉදිරිපත් කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැති සාකච්ඡා පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ බංකොලොත් රටක් ලෙස සාකච්ඡා කරන විට එම සාකච්ඡා තරමක් සංකීරණ බවයි.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථක වුණා. ඉදිරි කටයුතු පිළිබද මාර්ග සිතියම සාර්ථකව ඉදිරියට තබන්න පුළුවන්. නමුත් බංකොලොත් රටක් ලෙස සාකච්ඡා කිරීමේදී සිදුවන සාකච්ඡා සංකීර්ණයි.

රට බංකොලොත් නිසා ණය තිරසාරභාවය පිළිබඳ සැලසුමක් ඉදිරිපත් කළ යුතුයි. ඉන් අනතුරුව තමයි මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට එන්න පුළුවන්.”

Related posts

මරදානේ ගොඩනැගිල්ලක ගින්නක්

Mohamed Dilsad

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට ජලය ත් නැති වෙයි

Mohamed Dilsad

‘රජයේ සීමාවන් අපිට අදාළ නැහැ’ – LIOC

Mohamed Dilsad

Leave a Comment