දේශීය

අරගල පැවැත්වෙන ප්‍රදේශවල පෞද්ගලික බස් රථ ධාවනය නොවේ

(UTV | කොළඹ) – අරගල සහ උද්ඝෝෂණ පැවැත්වෙන ප්‍රදේශ ආශ්‍රිතව පෞද්ගලික බස්රථ ධාවනය සිදුනොකරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම පිළිබඳ අවධානය යොමුකරමින් මෙම තීරණය ගත් බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

උද්ඝෝෂණ පැවැත්වෙන ප්‍රදේශ ආශ්‍රිතව පොලීසිය විසින් මාර්ග බාධක යෙදූ පසු විකල්ප මාර්ගවල ගමන් කිරීම නිසා සීමිත ඉන්ධන ප්‍රමාණයද අවසන් වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

ගංජා සමඟ අත්අඩංගුවට ගත් මොනරාගල SSP

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ගමන් කළ රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

Editor O

ආපනශාලා විවෘත කිරීමේ දී ගැටළු පැන නගින බව බේකරි හිමියන් කියයි

Mohamed Dilsad

Leave a Comment