දේශීය

SSP රොමේෂ් ලියනගේගේ වැඩ තහනම්

(UTV | කොළඹ) – පෙරේදා (ජූලි 9) පස්වරුවේ අග්‍රාමාත්‍යවරයාගේ නිවස අසල පැවති විරෝධතාව වාර්තා කරමින් සිටි මාධ්‍යවේදීන්ට පහර දීමේ සිදු වීමට අදාළව සහ එම පහරදීම වැළක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර්.ඒ. ලියනගේගේ වැඩ තහනම් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ, ආයතන සංග්‍රහය මගින් පොලිස්පතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව වහා ම ක්‍රියාත්මක වන පරිදි ආර්.ඒ. ලියනගේ වැඩ තහනමට ලක් කර ඇති බව ය.

Related posts

දැවි තෙල් නොමැතිව බත්තල විදුලි බලාගාරය නවතී

Mohamed Dilsad

ඇඳිරි නීති කාලය තුළ ජල – විදුලි දෝෂ සඳහා විශේෂ සේවාවක් හෙට සිට

Mohamed Dilsad

අලුත් කෝටිපතියන් රැසක් රටට එළිදරව් වෙලා – නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment