දේශීය

මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

(UTV | කොළඹ) – ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා මේ මොහොතේ පාර්ලිමේන්තුවේ සියලුදෙනා එක්සත්ව කටයුතු කළ යුතු බවත් ජනතා ගැටලු විසඳීමට නොහැකි නායකයින් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ඇති බවත් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් පවසයි.

පසුගියදා පිටකොටුව බෝධිය අසල උපවාසයේ යෙදුණු හිමිවරුන් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ මහ නාහිමිවරුන් මේ බව අවධාරණය කර තිබේ.

ජනතාව ප්‍රතික්ෂේප කළ නායකයින් වහාම ඉවත් විය යුතු බව මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජූජ්‍ය උලපනේ සුමංගල හිමි සඳහන් කළේය.

“මේ වනවිට තත්ත්වය වෙනස් වෙමින් පවතිනවා. නැවතත් රාජපක්ෂලා උත්සාහ ගන්නවා කූඨ උපක්‍රම යොදා ගනිමින් බැසිල් රාජපක්ෂගේ කූඨ දේශපාලන ක්‍රම උපායන් භාවිත කරමින් ඉත්තෝ දාලා රට පාලනය කරන්න. ඒ නිසා අපි කියනවා බැසිල් රාජපක්ෂටත්, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හොර නඩයටත්. අගමැතිකම බලෙන් අරන් ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් අපි කියනවා පැහැදිලිවම මතක තියාගන්න 9 වෙනිදා ආවේ කුණාටුවක් 13 වෙනිදා ඔබේ තීරණයෙන් පස්සේ සුනාමියක් පැමිණීමට නියමිතයි. පහුගිය කාලයේ වගකීම් දරපු කිසිම ඇමතිවරයෙකු ට ජනතා වරමක් හෝ ජනතා අභිලාෂයක් නෑ නැවත හොර පාරෙන් ඇවිත් ඇමතිකම් දරන්න.”

Related posts

අවලෝකිතේශ්වර ලෙස පෙනී සිටි පුද්ගලයා ගැන අධිකරණයෙන් නියෝගයක්

Editor O

ගාල්ලේ කඩසාප්පු පෙළක ගින්නක්

Mohamed Dilsad

ජනාධිපතිවරයෙක් සහිත ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනැගීමට තිබූ අවස්ථාව අහිමි වුණා – මනූෂ නානායක්කාර

Editor O

Leave a Comment