දේශීය

“වැඩ බලන ජනාධිපති” ගේ විශේෂ ප්‍රකාශය

(UTV | කොළඹ) – සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රට තුළ සාමකාමී පරිසරයක් ඇති කිරීමට වැඩ බලන ජනාධිපතිවරයා ලෙස තමාත් කතානායකවරයාත් මේ මොහොතේ කටයුතු කරමින් සිටින අතර එය කඩාකප්පල් කිරීමට කැරලිකරුවන් සහ ඇතැම් පුද්ගලයන් උත්සාහයක නිරත වන බව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මේ වනවිට රට තුල පවතින තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ පවතින වාතාවරණය සාමාන්‍ය තත්ත්වයට පත් කරන ලෙස තමන් ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී ඇති බවයි.

එහි දී ඔහු මෙලෙස අදහස් පළ කළා.

ජනාධිපතිතුමා ඊයේ රාත්‍රියේ මාලදිවයින බලා පිටත් වුණා. ඔහු ඒ බව මටත් පැවසුවා. කථානායකතුමාටත් දැනුම් දී තිබුණා.

ඒ වගේ ම ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත් වන බව ද දැනුම් දී තිබුණා. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු අපිට ඡන්දයෙන් ජනාධිපති කෙනෙක් තෝරා ගන්න පුළුවන්. අද දවසේ අරගලකරුවන් බොහෝ සැලසුම් සකස් කර තිබුණා. ඒවා බුද්ධි අංශ මඟින් අපිට දැනගන්නට ලැබුණා.

අග්‍රාමාත්‍ය කාර්‍යාලයය වටළන්න, යුද හමුධාපතිතුමාගේ ගෙදර, නාවික හමුදාපතිතුමාගේ ගෙදර, පාර්ලිමේන්තුව ඔවුන් වටළන්න සූදානමින් ඉඳලා තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්‍යාලය ඔවුන්ට කරන්න දෙයක් නෑ, පාර්ලිමේන්තුව වටලන එක කතානායකතුමා ගත්ත තීරණයක් නිසා නවත්තගන්න අපිට පුළුවන් වුණා. ඔවුන් හැදුවේ මේ ස්ථාන අල්ලාගෙන රටේ බලය තහවුරු කරගන්න. ඔවුන්ට අවශ්‍ය කෙනෙක් පත් කරගන්න.

සාමාන්‍ය ජනතාවගේ නිවාස ආරක්ෂා කළ යුතුයි.මෙලෙස තර්ජන කාරීව රටේ ජනාධිපති මන්දිරය ,අරලියගහ මන්දිරය, ජනාධිපති කාර්යාලය අල්ලාගෙන ඒවායේ තිබෙන ලිපිගොනු නැති කරන්නට ඉඩ දෙන්න බැහැ.එමනිසා හදිසි නීතිය සහ ඇඳිරි නීතිය යොදවා පවතින තත්වය සාමාන්‍ය තත්ත්වයකට ගන්නැයි මා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබෙනවා.ඒ සඳහා ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානියාත් පොලිස්පති තුමා හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් යුතු කොමිටියකට සම්පූර්ණ බලතල ලබා දී තිබෙනවා.මීට දේශපාලන ඇඟිලි ගැසීමක් නැහැ.මේ වැඩ කටයුතු අවසන් කළ විට මට වාර්තා කරන ලෙස ද දැනුම් දී තිබෙනවා.

සමහරු කියනවා ව්‍යවස්ථාව වැඩක් නෑ කියලා. ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරන්න හදනවා. එහෙම වෙන්න දෙන්න බෑ. ව්‍යවස්ථාව අපි ආරක්ෂා කරන්න ඕනේ. රටේ දේපොළ ආරක්ෂා කරන්න ඕනේ. ඒ නිසා ආරක්ෂක අංශවල උපදෙස් අනුව මම තීරණය කළා ඇඳිරි නීතියත් හදිසි නීතියත් ක්‍රියාතමක කරන්න. මේ ඔබේ දරුවන්ගේ රටේ ජනතාවගේ අනාගතය. ත්‍රිවිධ හමුදාවට පොලිසියට හැමෝම සහාය දෙන්න ඕනේ.

හැමෝ ම නීතියට ගරු කරන්න ඕනේ. රට ආරක්ෂා කරගන්න ඕනේ. අපි කොහොම හරි මේ පැසිස්ට්වාදී තර්ජනය නතර කරන්න ඕනේ.

Related posts

පලාලි ගුවන්තොටුපල සංවර්ධනයට ඉන්දියාව සමඟ කඩිනමින් ගිවිසුම්

Mohamed Dilsad

එජාප නායකත්ව තීරණය ලබන වසට කල් යයි

Mohamed Dilsad

ඉදිරි පැය 24 සදහා බලපැවැත්වෙන පරිදි තද සුළං අවදානමක්

Mohamed Dilsad

Leave a Comment