දේශීය

‘ස්ථාවර රජයක් නැත්නම් ශ්‍රී ලංකාව අක්‍රීය වේවි’  

(UTV | කොළඹ) – ස්ථාවර රජයක් නුදුරේදීම පිහිටුවීමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාව අක්‍රීය තත්වයකට පත්වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

අත්‍යවශ්‍ය ඉන්ධන ආනයන සඳහා මුදල් ගෙවීමට විදේශ විනිමය සොයා ගැනීම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බවයි බී බී සී ය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කලේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත ණය මුදල හිමිවීම පවා දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් අඩාල විය හැකි බවටද මහ බැංකු අධිපතිවරයා අනතුරු අගවා සිටිනවා.

මෙම මාසය තුළ ලැබීමට නියමිත ඩීසල් සහ පෙට්‍රල් නෞකා කිහිපයක් සඳහා ගෙවීමට මුදල් ඇති නමුත් ඉන් ඔබ්බට ඇත්තේ දැඩි අවිනිශ්චිතභාවයක් බවයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරන්නේ.

එසේ වුවහොත් සමස්ත රටම අක්‍රීය විය හැකි බවටද මහ බැංකු අධිපතිවරයා පුරෝකථනය කරනවා.

එවැනි තත්වයක් උද්ගත නොවීම පිණිස ජනාධිපතිවරයෙකු – අග්‍රාමාත්‍යවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක් පත්විය යුතු බවයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ.

ජනාධිපති ධූරයට පත්වීමට කිසිදු අපේක්ෂාවක් තමන් සතුව නොමැති බවත් කිසිදු දේශපාලන තනතුරක් භාරගැනීමට තමන් තුළ බලාපොරොත්තුවක් නොමැති බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී කියා සිටියා.

Related posts

සීගිරිය සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමේ

Editor O

විදේශ අමාත්‍යවරයාගේ පළමු නිල සංචාරය ඉන්දියාවට

Mohamed Dilsad

රාජිත සේනාරත්න ඇතුළු තිදෙනෙකුට සිතාසි

Mohamed Dilsad

Leave a Comment