දේශීය

‘ජනපතිගේ ඉවත්වීමත් සමග ලාංකිකයින් ආර්ථිකය ගොඩනගන්න සියලු පාර්ශ්වයන් හා එකමුතුව කටයුතු කරන්න’

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ 07 වනි විධායක ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (15) ධුරයෙන් ඉල්ලා අස්වීමේ නිල නිවේදනය කතානායක මහින්ද යාපා අබේවර්ධනට යොමු කළ අතර, එම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිටින අමරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් විසින් ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ඇය කියා සිටින්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉවත්වීමත් සමග ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් මේ තැන් සිට එකමුතුව සියලු පාර්ශ්වයන් සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි.

නීතියේ ආධිපත්‍යය සුරකීමට වගබලා ගැනීමත්, ඒ තුළින් රටේ ආර්ථික අස්ථාවරභාව විසඳා ගැනීමට ක්‍රියා කළ යුතු බවත් ඇයගේ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම ශ්‍රී ලාංකික ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදී අභිලාසයන් වෙනුවෙන් හැකි සෑම අවස්ථාවක දී ම අමරිකානු රජය කැපවීමෙන් සහ දැඩි අවධානයෙන් බලා සිටින බවත් ජූලි චන්ග් වැඩිදුරටත් සඳහන් කරනවා.

Related posts

යාපනය නගරාධිපති අත්අඩංගුවට

Mohamed Dilsad

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම්ගෙන් සහතිකයක්

Mohamed Dilsad

නිරෝධායන නීති කඩමින් අත්අඩංගුවට පත් පිරිස 81,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment