දේශීය

හිටපු ජනපති යළි දිවයිනට එන්න සූදානම්

(UTV | කොළඹ) – හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගෝස්තු මාසයේ දී යළි දිවයිනට පැමිණීමට සූදානම් වෙයි.

සිංගප්පූරුවේ දැනට රැඳී සිටින හිටපු ජනාධිපතිවරයා ඉදිරි දිනවලදී සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතය. මේ මස අවසානය දක්වා එහි රැඳී සිටින හිටපු ජනාධිපතිවරයා ඉන් පසු දිවයිනට පැමිණීමට සැලසුම් කර තිබේ. ඇමරිකාවට යාමේ සැලසුමද ඔහු අත්හැර දමා ඇත. ඒ පුත්‍රයාගේ ආරක්ෂාව වෙනුවෙනි.

හිටපු ජනාධිපතිවරයා ලබන මස යළි දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්ද මන්ත්‍රිවරු පිරිසකට දැනුම් දී තිබුණි.

Related posts

සරණාගතයින් ආරක්ෂා කිරීම සඳහා වූ ප්‍රංශ කාර්යාලයේ නියෝජිතයන් සහ රිෂාඩ් බදියුදීන් අතර සාකච්ඡාවක්

Editor O

ජා-ඇල ප්‍රදේශයෙන් තවත් පුද්ගලයින් 32 ක් නිරෝධායනට

Mohamed Dilsad

හම්බන්තොට ට, රොකට් ගුවන් ගත කිරීමේ පථයක්…?

Editor O

Leave a Comment