දේශීය

ලබන 21 දා සිට පෙට්‍රල් හා ඩීසල් අඛණ්ඩව

(UTV | කොළඹ) – ඊයේ රාත්‍රී 10 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් අඩු කෙරුණා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 470 සිට රුපියල් 450 දක්වා රුපියල් 20 කින් අඩු කර තිබෙනවා.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කින් පහත හෙලා තිබෙනවා.

ඒ අනුව මෙතෙක් රුපියල් 550 ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 540 ක්.

රුපියල් 460 කට අලෙවි කළ ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 440 ක් දක්වා රුපියල් 20 කින් අඩු වනවා.

සුපිරි ඩීසල් ලීටරයක්ද රුපියල් 10 කින් පහත හෙලා ඇති අතර ඒ අනුව නව මිල රුපියල් 540 ක්.

මේ අතර ඉන්දියන් ඔයිල් සමාගම ද ඊයේ රාත්‍රී 10 සිට බලපැවැත්වෙන පරිදි සිපෙට්කෝ මිළ ගණන්වලට සාපේක්ෂව ඉන්ධන මිල පහත දැමීමට පියවර ගනු ලැබුවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියාසිටියේ ලබන 21 වනදා සිට ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 හා ලංකා ඔටෝ ඩීසල් අඛණ්ඩව පාරිභෝගික ජනතාවට නිකුත් කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි.

Related posts

කොරෝනා පිලිබඳ දැනගැනීමට දුරකථන අංක 2ක් [PRESS RELEASE]

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු 95% කින් අවසන්

Editor O

සිනමා හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයන්වලට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

Mohamed Dilsad

Leave a Comment