දේශීය

ගෝල්ෆේස් අරගලකරුවන් විපක්ෂ නායක සජිත් හමුවෙයි

(UTV | කොළඹ) – ගාලුමුවදොර මහජන අරගලය නියෝජනය කරන කණ්ඩායම් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවක් අද(18) පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත් වුණා.

මෙම සතිය තුළ මෙරට අනුප්‍රාප්තික ජනාධිපති වරයා පත් කර ගැනීමේ කටයුත්ත සිදු වන අතර අරගලයේ පුරවැසි කණ්ඩායම් විසින් ඔවුන්ගේ ස්ථාවරය විපක්ෂ නායකවරයා වෙත දන්වා තිබෙනවා.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අරගලය නියෝජනය කරන පිරිස් සඳහන් කළේ, කුමන ආණ්ඩුවක් පත් වුවද අරගලයේ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නැංවිය යුතු බවයි.

Related posts

මෙරටදීම දැඩි සත්කාර ඒකක ඇදන් නිෂ්පාදන වැඩසටහනක්

Mohamed Dilsad

IMF නියෝජිතයින් සහ මෙරට නිලධාරීන් අතර සාකච්ඡා අද

Mohamed Dilsad

බලශක්ති අමාත්‍යවරයාගේ විශේෂ මාධ්‍ය හමුව

Mohamed Dilsad

Leave a Comment