දේශීය

ජනපති ඡන්දයට නාම යෝජනා 03ක්

(UTV | කොළඹ) – අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා 03ක් ඉදිරිපත්වී තිබෙනවා.

ඒ සඳහා දැනට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ගේ නම මෙහිදී යෝජනා විය.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නම සභා නායක දිනේෂ් ගුණවර්ධන යෝජනා කරනු ලැබූ අතර, එය මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා විසින් ස්ථිර කරන ලැබුවා.

මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ගේ නම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් යෝජනා කර සිටිය අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජි.එල්. පිරිස් විසින් ස්ථිර කර සිටියා.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ගේ නම මන්ත්‍රී විජිත හේරත් විසින් යෝජනා කරනු ලැබූ අතර, මන්ත්‍රී හරිනි අමරසුරිය විසින් ස්ථිර කරන ලදියි.

නව ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තු මැතිවරණය හෙට දින පැවැත්වීමට නියමිතයි.

Related posts

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති ඉල්ලා අස්වෙයි

Editor O

ඇය ආදරය කළ ජපානය ඇයගේ ජීවිතය නැති කළා – සඳමාලිගේ සහෝදරිය

Mohamed Dilsad

ස්ටාලින්ගෙන් පොරොන්දුවක්

Mohamed Dilsad

Leave a Comment