දේශීය

ලංකාවේ තත්වය ගැන ඉන්දියාව කණගාටුවෙන්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය පිළිබඳ ඉන්දියාව දැඩි ලෙස කණගාටු වන බව එරට මධ්‍යම රජය පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ වෙත දැනුම් දී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඊයේ පැවති දැනුවත් කිරීමේ හමුවේදියි.

පක්ෂ 28 ක නියෝජිතයන් මෙම සාකච්ඡාවට එක්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මෙන් තත්වයක් ඉන්දියාවේ ඇතිවනු ඇති බවට පළවන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඉන්දියාවේ වගකීම ඉටු කිරීමට සූදානම් බවත් ඔහු සඳහන් කර තිබුණා.

Related posts

35 වන පොලිස්පති ලෙස සී.ඩී. වික්‍රමරත්න අද වැඩ අරඹයි

Mohamed Dilsad

අදත් පැය 03ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

අධිවේගයේ හම්බන්තොට – කොළඹ මගී ප්‍රවාහන බස් රථ සේවාව හෙට සිට

Mohamed Dilsad

Leave a Comment