ප්‍රමුඛ පුවත 1

සියළුම සෞඛ්‍ය සේවකයින්ගේ නිල නිවාස ගැටළුව 2020 වසරට පෙර අවසන්

(උදයම්,කොළඹ)   –  විශේෂඥ  වෛද්‍යවරු, වෛද්‍යවරු ඇතුළු සියළුම සෞඛ්‍ය  සේවකයින්ගේ නිල නිවාස ගැටළුව 2020 වසරට පෙර අවසන් කරන බව සෞඛ්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා පවසයි.

සුඛෝපභෝගී නිවාස ලෙස එම නිවාස සකස් කෙරෙන අතර ඒ සඳහා දෙස් විදෙස් සහයෝගය ලබා ගැනීමටද නියමිතය.

එහි පළමු අදියර යටතේ විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු සඳහා නිල නිවාස ඉඳි කිරීමට නියමිතව තිබේ.

පළමු අදියරයේ නිවාස ඉඳි කිරීමෙන් පසු හෙද, අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් සඳහා මෙන්ම සෙසු සෞඛ්‍ය  සේවකයින් සඳහා ද නිවාස ඉඳි කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා පවසයි.

සෞඛ්‍ය සේවකයින්ගේ නිල නිවාස ගැටළු හේතුවෙන් රෝහල්වල සෞඛ්‍ය සේවා සඳහා බාධා සිදුවීම පිළිබඳ අවධානය යොමු කර සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙම නිවාස ඉඳි කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Related posts

අගමැති ඉවත්කර නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් – ඇමති සුසිල් කියයි

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම් යලිත් ඇති නොවේ [VIDEO]

Mohamed Dilsad

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment