දේශීය

‘දෙසැම්බර් වනතුරු IMF මූල්‍ය ආධාර නෑ’ – මහ බැංකු අධිපති

(UTV | කොළඹ) – මේ වන විට පවතින අති දුෂ්කර වාතාවරණයෙන් ගොඩ ඒමට ඉදිරි මාස පහ හය අතර කාලයේදී ශ්‍රී ලංකා ආර්ථිකයට හැකි වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ඒ සඳහා සහය වීමට මෙරට සමස්ත පුරවැසියන් ඉවසීමෙන් කටයුතු කළ යුතු බවයි සී.එන්.එන් රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේ.

පසුගිය රජය සහ පරිපාලනය විසින් සිදු නොකළ ණය ප්‍රතිව්‍යූහගත කිරීම තමන් විසින් සිදුකිරීම ආරම්භ කර ඇති බවත් මහබැංකු අධිපතිවරයා වැඩි දුරටත් පවසා සිටියා.

මේ වන විටත් ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇති විදෙස් මුදල් සංචිත බොහෝ විට ප්‍රමාණවත් විය හැක්කේ ඉදිරි සති දෙකක හෝ තුනක කාලයකට ඉන්ධන සහ ගෑස් ආනයනය සඳහා පමණක් බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී අනාවරණය කළා.

පත්වන රජයේ ප්‍රධාන වගකීම වන්නේ ලබන දෙසැම්බර් මාසය වන තෙක් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා අවශ්‍ය කරන මුදල් සපයා ගැනීම සඳහා කෙටි කාලීන මූල්‍ය උපායමාර්ගික ක්‍රම සම්පාදනය කරගැනීම බවයි මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදෙනු ලබන මූල්‍ය ප්‍රතිපාදන මෙරටට ලැබීමට ලබන දෙසැම්බරය තෙක් බලා සිටීමට සිදුවන බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියාසිටියා.

එමෙන්ම ඉදිරි සති කිහිපය තුලදී ඉන්දියාව සහ චීනය සමග මූල්‍ය ආධාර ලබා ගැනීමට සාකච්ඡා ආරම්භ කරන බවත් ඔවුන් එම සහයෝගය ලබාදෙනු ඇති බවටත් මහ බැංකුව අධිපති අධිපතිවරයා විශ්වාසය පළ කළා.

Related posts

ජෝන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයාට කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කරයි.

Editor O

ජනාධිපති සටනට අධිකරණ ඇමති විජයදාස රාජපක්‍ෂත් එයි.

Editor O

තවත් කොරෝනා රෝගීන් 6දෙනෙකු හදුනා ගනී

Mohamed Dilsad

Leave a Comment