විදෙස්

බ්‍රිතාන්‍ය අගමැති සටන උණුසුම් වෙයි

(UTV |  බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැතිවරයා තෝරාගැනීමේ සටන උණුසුම් වෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

කොන්සවේටිව් පක්ෂ නායකත්වය ට රිෂී සුනක් සහ ලිස් ට්‍රස් යන දෙදෙනාගෙන් කෙනෙක් පත්වීමට නියමිත අතර එසේ පත්වන තැනැත්තාට එරට මීළඟ අගමැතිවරයා ලෙස පත්වීමට අවස්ථාව හිමිවෙයි.

ආරම්භයේදී පක්ෂ නායකත්වය සඳහා 6 දෙනෙක් ඉදිරිපත් වූ අතර පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර මෙතෙක් පැවති ඡන්ද විමසීම්වලදී ඉන් සිව්දෙනෙක් ඉවත්වුණි.

අවසානවරට පැවති ඡන්ද විමසීමේදී සුනක් ඡන්ද 137ක් ලබාගෙන ඇති අතර ට්‍රස් ඡන්ද 113ක් ලබාගත්තාය.

ඒ අනුව පක්ෂයේ නායකත්වයට එම දෙදෙනාගෙන් කෙනෙක්ව තෝරාගැනීම සඳහා කොන්සවේටිව් පක්ෂ නියෝජිතයින් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.

කොන්සවේටිව් පක්ෂ සාමාජිකයින් 160,000ක් තැපැල් හෝ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අගෝස්තු සිට සැප්තැම්බර් 02ත් අතර කාලය ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත අතර ජයග්‍රාහකයා සැප්තැම්බර් 05 වනදා නිවේදනය කෙරෙයි.

බොරිස් ජොන්සන් එතෙක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමට නියමිතය.

Related posts

ලිබියාවේ සරණාගතයන්ගේ හිමිකම් වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි – ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ

Mohamed Dilsad

යුධ අපරාධ චෝදනා ලැබූ හමුදා නිලධාරීන්ට සමාව දෙන්න ඇමෙරිකාව සුදානම්

Mohamed Dilsad

මෙක්සිකෝ දේශසීමා පවුර කඩිනම් කිරීමට ට්‍රම්ප් සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment