දේශීය

අරගලකරුවන් ඉවත්කිරීම ගැන පාර්ලිමේන්තුවේ දී විවාදයක්

(UTV | කොළඹ) – අරගලකරුවන්ව එම ස්ථානවලින් ඉවත් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය අනිද්දා (27) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් සිදුකර තිබුණි.

අද දිනයේ දී එම විවාදය ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදුකර තිබු අතර පාර්ලිමේන්තුව අද දිනයේ රැස්කිරීම සහ මන්ත්‍රීවරුන් කැඳවීම සහ ඉන්ධන ප්‍රශ්නය ප්‍රායෝගිකව බලපා ඇති බැවින් එළඹෙන පාර්ලිමේන්තු දිනයේ දීම එම විවාදය පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

Related posts

ජනාධිපතිවරණයේදී මැතිවරණ වියදම් නියාමන පනත බලාත්මකයි.

Editor O

සභා වාරය අමතමින් ජනපති කළ රාජාසන කථාව[VIDEO]

Mohamed Dilsad

බස්නාහිර හුදෙකලා නොමැති ප්‍රදේශවල 11 වන ශ්‍රේණිය ලබන 25 ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment