දේශීය

අදත් දිවයින පුරා කලාප වශයෙන් පැය 3ක විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (27)ත් දිවයින පුරා කලාප වශයෙන් පැය 3 ක විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඒ අනුව A සිට W දක්වා කලාප 20 ට දිවා කාලයේ පැයයි මිනිත්තු 40 ක් ද රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

කොළඹ නගරයට අයත් වාණිජ කාලපවලට විදුලිය කප්පාදු කෙරෙන්නේ, පෙරවරු 6.00 සිට පෙරවරු 8.30 දක්වා පැය 2 යි විනාඩි 30 ක් පමණි.

M,N,O,X,Y හා Z කාලපවලට අලුයම 5.00 සිට පෙරවරු 8.00 දක්වා පැය 3 ක් අද විදුලිය කප්පාදු කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ ය.

Related posts

උතුරු නැගෙනහිර දේශපාලන ගැටළුවට ස්ථිර විසදුමක් අවශ්‍යයි – සුරේෂ් ප්‍රේමචන්ද්‍ර

Mohamed Dilsad

මාර්ග අංක 120 බස් වර්ජනයක

Mohamed Dilsad

හෙද වර්ජනයක අවදානමක්

Mohamed Dilsad

Leave a Comment