දේශීය

හිටපු ජනපති දිගටම සිංගප්පූරුවේ

(UTV | කොළඹ) – හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීම සඳහා නිකුත් කර තිබු තාවකාලික අවසර පත්‍රය තවත් දින 14 කට දීර්ඝ කර ඇතැයි එරට වාර්තා පවසනවා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා තවදුරටත් සිංගප්පූරුවේ රැඳී සිටිනු ඇති බවයි එරට වාර්තා තහවුරු කරන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා නුදුරේදී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කර තිබුණා.

එවැනි තත්වයක් හමුවේදීයි සිංගප්පූරුව විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරට රැඳී සිටීමට තවත් දින 14 ක කාලයක් දී ඇත්තේ.

Related posts

“අපිට නීත්‍යානුකූල දැනුම්දීමක් කළේ නැහැ” – රවී කුමුදේශ්

Mohamed Dilsad

තවත් කොවිඩ් ආසාදිතයන් 344 ක් සුව අතට

Mohamed Dilsad

හෙට සිට හුදෙකලා කෙරෙන හා ඉවත් කෙරෙන ප්‍රදේශ [RELEASE]

Mohamed Dilsad

Leave a Comment