දේශීය

‘ලක්ෂ 220 ක් වන ජනතාවගේ සිහින කුඩුපට්ටම් වෙලා..’

(UTV | කොළඹ) – දේශපාලන ගෙම්බෝ වගේ එහාට මෙහාට පැන්නොත් ජනතා අධිකරණය හමුවේ ඒවාට ප්‍රතිචාර විදින්නට සිදු වනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (27)පැවසීය.

පාර්ලිමේන්තුවේ හදිසි නීතිය සම්මත කර ගැනීමේ විවාදයට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය.

අද ආණ්ඩුව “හදිසිය” ගැන කතා කරන නමුත් ජනතාවට ති⁣බෙන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ කිසිවක් නැති ජීවත් වීම පිළිබඳ හදිසියක් යැයිද ආණ්ඩුවට තිබෙන්නේ තර්ජනය ගර්ජනය රාජ්‍ය ත්‍රස්තවාදය ව්‍යාප්ත කරන හදිසි යැයිද විපක්ෂ නායකවරයා කීය.

ජනපතිගේ මෙන්ම අගමැති සභානායක තුමන්ලාගේ සිහිනය සැබෑ වුණ නමුත් ලක්ෂ 220 ක් වන ජනතාවගේ සිහින කුඩුපට්ටම් වී තිබෙන බවද විපක්ෂනායකවරයා කීය.

Related posts

මිනුවන්ගොඩ කොරෝනා ආසාදිතයින් ගණන ඉහළ යයි

Mohamed Dilsad

තවත් 428 කට සුවයි

Mohamed Dilsad

මිලියන 10ක කොකේන් අල්ලයි

Mohamed Dilsad

Leave a Comment