දේශීය

සියලුම උපතැපැල් කාර්යාල අද වැසෙයි

(UTV | කොළඹ) – දිවයින පුරා සියලු උපතැපැල් කාර්යාල අද (28) වසා තැබීමට තීරණය කර තිබේ.

ඒ, පවතින ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙනයි.

තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේ නැවත දැනුම් දෙන තෙක් උපතැපැල් කාර්යාල විවෘතව තැබෙන්නේ සඳුදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල පෙරවරු 9.00 ත් පස්වරු 3.00 දක්වා කාලය තුළ පමණක් බවයි.

තැපැල් කාර්යාල සඳුදා දිනයේ වසා තැබෙන අතර අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා පෙරවරු 8.30 ත් පස්වරු 4.30 ත් අතර කාලයේ විවෘතව තැබෙන බව තැපැල්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

එජාප මන්ත්‍රී ධුරය ගැන අවසන් තීරණය අනිද්දා

Mohamed Dilsad

යළි දැනුම්දෙන තුරු කුවේටයත් ලංකාවට තහංචි දමයි

Mohamed Dilsad

රජයේ සායන රෝගීන්ගේ ඖෂධ තැපැල් මගින් අද සිට නිවසටම

Mohamed Dilsad

Leave a Comment