දේශීය

‘සියලු රටවැසියන් ආරක්ෂා කරගැනීම අපේ බලාපොරොත්තුවයි’

(UTV | කොළඹ) – රට මුහුණ දෙන අභියෝග ජයගැනීමට රජය සමග එකගතාවයෙන් කටයුතු කිරීමට එකතු වන්නැයි අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

රටවැසියන් සියලු දෙනා ආරක්ෂා කිරීම වත්මන් රජයේ අපේක්ෂාව බවයි අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.

අග්‍රමාත්‍යවරයා ඇතුලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් අද මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි අතර එහිදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අදහස් පළකළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදු ජනතාවගේ අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය දී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්; එවැනි ආණ්ඩුවක් පිහිටුවීමට අදාළ සාකච්ඡා සඳහා ජනාධිපතිවරයා සියලු පාර්ශ්වවලට ආරාධනා කර ඇති බව අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා පැවසීය.

Related posts

අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දිනය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

Mohamed Dilsad

කහ කිලෝ 1379ක් පොලිසිය භාරයට

Mohamed Dilsad

Leave a Comment