දේශීයවිදෙස්

ඉන්දියාවේ මිය ගිය තරුණයෙකුට MonkeyPox

(UTV |  කේරළ ප්‍රාන්තය) – ඉන්දියාවේ මිය ගිය තරුණයෙකුට monkeypox වැළඳී තිබුණු බව තහවුරු වෙයි.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සෙනසුරාදා (ජූලි 30) මිය ගිය තරුණයෙකුට monkeypox රෝගය වැළඳී තිබුණු බව තහවුරු වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

කේරළයේ ත්‍රිසූර් නගරයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු එලෙස මිය ගොස් ඇත.

මේ බව කේරළ ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් ඊයේ (ජූලි 31) තහවුරු කළ බව The Indian Express පුවත්පත වාර්තා කර තිබේ.

එම තරුණයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ආපසු පැමිණ දින කිහිපයකට පසු ත්‍රිසූර්හි පෞද්ගලික රෝහලකදී මිය ගොස් ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදුකළ පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව monkeypox වෛරසය ඇති බවට තහවුරු වී ඇති අතර, ඒ අනුව තරුණයාගේ මරණයට හේතුව සොයා බැලීම සඳහා පරීක්ෂණයක් පවත්වන බව කේරළ ප්‍රාන්ත රජය ප්‍රකාශ කර තිබේ.

“තරුණයාට monkeypox රෝග ලක්ෂණ තිබුණේ නැහැ. එන්සෙෆලයිටිස් සහ තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂණ සහිතව ඔහු රෝහලකට ඇතුළත් කරලා තිබුණා. ඔහුගේ ඥාතීන් පරීක්ෂණ ප්‍රතිඵලය ලබා දුන්නේ සෙනසුරාදා දිනයේදී. Monkeypox මරණ අනුපාතය ඉතා අඩු නිසා මේ මරණය සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ පරීක්ෂණයක් පවත්වනවා,” යැයි සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඔහුගේ සාම්පල කේරළයේ ජාතික වෛරස් විද්‍යා ආයතනයේ ඇලප්පුසාහි පිහිටි ඒකකය වෙත යවා ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, තරුණයාගේ ඔහුගේ භූමදාන කටයුතු රෝගය සඳහා වූ නීතිරීති අනුව සිදු කළ බව ය. එමෙන් ම, ඔහුගේ සමීප අශ්‍රිතයින් සියල්ල නිරීක්ෂණයට ලක්කර ඇති බව ද එම වාර්තා සඳහන් කර තිබේ.

ඉන්දියාවෙන් මේ වන විට monkeypox රෝගීන් සිව්දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් තිදෙනෙකු කේරළයෙන් වාර්තා වී තිබේ. පළමු රෝගියා ඉකුත් සෙනසුරාදා රෝහලෙන් පිටව ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

Related posts

දකුණු කොරියානුවන් තරුණ වෙයි

Mohamed Dilsad

ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීමට අදාළව 55, 285 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ප්‍රධාන ඉංජිනේරු පීඨ 6 ක් සඳහා සිසුන් බඳවා ගැනීම වැඩි කරයි

Mohamed Dilsad

Leave a Comment