දේශීය

‘ගෝඨාභයට රටට එන්න මේ හොඳ වේලාව නෙවෙයි’ – ජනපති කියයි

(UTV | කොළඹ) – හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

රොයිටර් පුවත් සේවය වෙත අදහස් පළ කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කරයි.

ගෝඨාභය රාජපක්ෂ මේ මොහොතේ ආපසු ශ්‍රී ලංකාවට පැමිණිය හොත් රට තුළ දේශපාලන ආතතියන් තව දුරටත් වර්ධනය වීමට එය හේතු විය හැකි බව ජනාධිපතිවරයා පවසයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවත පැමිණෙන බවට කිසිදු තොරතුරක් තමන්ට ලබා දී නැති බව වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසයි.

Related posts

සජිත් හිරුණිකාව බලන්න යයි

Mohamed Dilsad

මැණික් ගල් 15කට පොලු තැබූ 6 දෙනෙක් කොටු

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුවට සියලු දේ කළ හැකියි – දේවානන්ද සුරවීර

Editor O

Leave a Comment