දේශීය

අද සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි තෙල් QR ක්‍රමයට

(UTV | කොළඹ) – ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR ක්‍රමවේදය අනුව ඉන්ධන නිකුත් අද (01) සිට දිවයින පුරා ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍යංශය කියා සිටි.

ඒ අනුව වාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම මත පදනම් වූ අංක තහඩු ක්‍රමය, ටෝකන් සහ මෙතෙක් ක්‍රියාත්මක වූ අනෙකුත් ක්‍රමවේදයන්වලින් ඉන්ධන නිකුත් කිරීම අදින් පසුව වලංගු නොවේ.

මේ අතර QR ක්‍රමවේදය යටතේ පිරවුම්හල්වලින් ඕනෑම පුද්ගලයකුට සතියක් තුළ තමන්ට වෙන් කර ඇති ඉන්ධන කෝටාව අද සිට ලබා ගත හැකිය. අද දිනයේ ඉන්ධන පිරවුම්හල්වලට යන ජනතාවගෙන් එම ස්ථානවල තදබදයක් ඇති නොවන ලෙස කටයුතු කරන්නැයි බලශක්ති අමාත්‍යංශය ඉල්ලා සිටි.

ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීමට චැසි අංකය සමග ලියාපදිංචි වීමට නොහැකි වූ රථවාහන භාවිත කරන්නන්නට ඊයේ (31 වැනිදා) සිට ආදායම් බලපත්‍ර අංකය සමග ලියාපදිංචි විය හැකි බව විදුලි බල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර ට්ව්ට්ර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ඉන්ධන ලබා දීමේදී ලබා දී ඇති උපදෙස් පිළිනොපදින ඉන්ධන පිරවුම්හල් සහ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස බලශක්ති අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

ඊට අදාළ ඡායාරූප හෝ වීඩියෝ සාක්ෂි වට්ස් ඇප් හරහා 074 212 31 23 අංකය වෙත යොමු කළ හැකිය. එම ඡායාරූප හෝ වීඩියෝ සාක්ෂි මගින් යම් පුද්ගලයෙකු වැරදි කරුවෙක් බවට පත්වුවහොත් ඔවුන්ගේ QR ප්‍රවේශය තාවකාලිකව අවහිර කිරීමට හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව අමාත්‍යංශය පෙන්වා දෙයි. මේ වන විට ජාතික ඉන්ධන බලපත්‍රයේ වාහන මිලියන 5ක් ලියාපදිංචි වී ඇත.

Related posts

බලශක්ති ඇමතිගෙන් සහතිකයක්

Mohamed Dilsad

පොදු ස්ථානවලට යන අයට ළඟදීම එන්නත් කාඩ්පත අනිවාර්ය වෙයි

Mohamed Dilsad

කොවිඩ් මරණවල අවසන් කටයුතු සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment