දේශීය

ඉන්ධන මිල බැස්සුවොත් ආහාර මිලත් බස්සනවා

(UTV | කොළඹ) –  ඉන්ධන මිල අඩු කළ හොත් ආපනශාලාවල ආහාර පානවල මිල සියයට විස්සකින් අඩු කරන බවත් ගෑස් සැපයීම ඉතා සක්රීයව සිදු කෙරෙන නිසා වසා දමා තිබූ ආපනශාලාවලින් බොහෝමයක්ම මේ වනවිට විවෘත කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ඇල්පිටියේ පැවති මාධය හමුවකදී කීවේය.

ඉන්ධන මිල සැලකිය යුතු මට්ටමකින් අඩුවේනම් සිය ආපනශාලාවල ආහාර මිල සියයට විස්සකින් අඩු කරන බවද අසේල මහතා කීවේය. ඒ අනුව ප්ලේන්ටියේ සිට රයිස් ,කොත්තු මිලද අඩුවෙන බව අසේල මහතා මෙහිදි වැඩි දුරටත් පැවසීය.

Related posts

මඩකලපු වී ගොවිතැනට දිලීර රෝගයකින් හානි

Mohamed Dilsad

රනිල්ගේ පෙත්සම සළකා බැලීමට දින නියම වෙයි

Mohamed Dilsad

රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ වෙත ඇතුළත් කරගන්නා සිසුන් ඉහළට

Mohamed Dilsad

Leave a Comment