දේශීය

ඉන්ධන ආනයනය, බෙදා හැරීම සහ අලෙවියට අලුත් සමාගම්

(UTV | කොළඹ) – ඛණිජ තෙල් නිෂ්පාදනය, ආනයනය, බෙදා හැරීම සහ අලෙවිය සඳහා සුදුසු සමාගම් ඇගයීමට කමිටුවක් පත් කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

ඔහු සඳහන් කළේ, ඊයේ (05) අදාළ කමිටුව පත් කළ බව ය.

ඒ අනුව, ඉදිරියේදී සිපෙට්කෝ සහ ලංකා IOC සමග ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් කර්මාන්තයේ නියැලීමට සමාගම් කිහිපයකට අවස්ථාව හිමිවන බව ද අමාත්‍යවරයා සිය ට්විටර් සටහනේ සඳහන් කර තිබේ.

Related posts

මෙරට වාහන සිහිනයට චීනයෙන් විසඳුමක්

Mohamed Dilsad

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන තීරණ කිහිපයක්

Mohamed Dilsad

ජනාධිපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්

Mohamed Dilsad

Leave a Comment