දේශීය

ජනපති රනිල් බොරු කියනවා

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව තුළින් ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනිම වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් තමන්ට ඡන්දය ප්‍රකාශ කළ බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය අසත්‍යයක් බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් මහතා පවසයි.

“ජනපති කියන්නේ බොරු! ද්‍රවිඩ ජාතික සන්ධානය ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්දය ප්‍රකාශ කිරිමට තීරණය කළේ ඒකමතිකවයි. අපේ කිසිවෙක් හෝ රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය දිය යුතු යැයි ප්‍රකාශ කළේ නෑ” යැයි ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

“අපි මේ කාරණය සහ තවත් එවැනිම උත්සාහයන් කිහිපයක් පිළිබඳව ජනාධිපතිතුමා හමුවූ විට ප්‍රකාශ කළා. මෙය නතර කරන ලෙස ඉල්ලා සිටියා. ඔහු එකඟ වුණා. ඔහු තම වචනය රකියිද යන්න සොයා බැලිය යුතුය” යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුවට කරන්න යන දේ…

Editor O

වලංගු කාලය අවසන් රියදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

කොරෝනා හැකි ඉක්මනින් රටින් තුරන් කිරීම රජයේ අපේක්ෂාවයි – පවිත්‍රා

Mohamed Dilsad

Leave a Comment