ක්‍රීඩා

CWG 2022 : ලෝකඩ පදක්කම්ලාභිනී නෙත්මි දිවයිනට

(UTV | කොළඹ) – එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කිලෝ ග්රැම් 57 බර පංතිය යටතේ මල්ලවපොර ක්‍රීඩාව සදහා තරග වැදී , එයින් ලෝකඩ පදක්කම දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩිකා නෙත්මි අහිංසා පෝරුතොට අද අලුයම ගුවන් තොටුපළ වෙත පැමිණියාය .

ඇය (08) දින අලුයම 03.50 ට අබුඩාබි නුවර සිට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 264 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියාය .

ඇය කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැදවා විශේෂ පිළිගැනීමකට ලක් කළ අතර , එම අවස්ථාවට ඇයගේ පියා , මව , නැගණිය ඇතුළු පවුලේ ඥාතී මිත්‍රාදීන් , ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා මල්ලවපොර ක්‍රීඩා සම්මේලනයේ සභාපතිවරයා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියහ.

Related posts

අද තරඟයේ සුදානම නායක චන්දිමාල් කියයි

Mohamed Dilsad

යුපුන් – නිලානිට ඔලිම්පික් වරම් හිමිවෙයි

Mohamed Dilsad

ලෝක කුසලානය හඹා යාමට නොහැකිවූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව කියන කතාව

Mohamed Dilsad

Leave a Comment