දේශීය

සමහර අයට යන්න එපා කියලා වැන්දේ නැති ටික විතරයි

(UTV | කොළඹ) – ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූ ඇතැම් පුද්ගලයන්ට පක්ෂය අතර නොයන ලෙස තමන් සඳහන් කළ බවත් ඇතැම් අය නොකියාම පක්ෂයෙන් ගිය බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

“මම මේ අඛණ්ඩව හිටපු අවුරුදු 30 තුළ මෙහෙය අවුල් වුණ පාර්ලිමේන්තුවක් දැකලා නෑ. මේ 225 තුළ දැන් කණ්ඩායම් 10 – 12ක් ඉන්නවා.

පොහොට්ටුව ගත්තොත් පහක් හයකට කැඩිලා ඉන්නේ. ස්වාධීන කණ්ඩායම් ගණනාවක් තියෙනවා. සජබෙත් විශාල අවුල් ගණනාවක් පේනවා.

අපෙත් සමහර කියලා ගියා එපා කියද්දී, සමහර අයට මම වැන්දේ නැති ටික විතරයි යන්න එපා මේ පක්ෂය ශක්තිමත් කරගෙන ඉමු, හොඳ අනාගතයක් තියෙනවා මේ පක්ෂය ගොඩ නගපුවාම කියලා. අපෙත් 14න් 5ක් ඒ පැත්තට ගියා.”

Related posts

හිමිවරුන්ට ගුරු සේවයට එක්වීමට අවස්ථාවක්

Mohamed Dilsad

විදුලි අර්බුදය ගැන අද ඉහළ පෙළේ සාකච්ඡාවක්

Mohamed Dilsad

නළ ජලය, අත්‍යාවශ්‍ය කටයුතුවලට පමණක් භාවිත කරන්න

Mohamed Dilsad

Leave a Comment