දේශීය

පුහු ටෙලි නාට්‍ය වෙනුවට, ඇත්ත විධායක කමිටු ක්‍රමයකට යමු

(UTV | කොළඹ) – බලවත් ශක්තිමත් විධායක කමිටු ක්‍රමයක් පාර්ලිමේන්තුව හරහා ගොඩ නගමින් රට මේ ව්‍යසනයෙන් ගලවා ගැනීමට කැපවිය යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සර්ව පාක්ෂිකව එකට එක්වූ බව නාමිකව ලෝකයට පෙන්වන්නට කරනු ලබන ටෙලිනාට්‍යයකට තමන් කිසිසේත් එකඟ නොවන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විධායක ශක්තිමත් බලතල සහිත පාර්ලිමේන්තු ක්‍රමයක් කරා පාර්ලිමේන්තුව නියෝජනය කරන 225ටම රට ගොඩනැගීම වෙනුවෙන් බලවත් කටයුත්තකට දායක විය හැකි බවත් ජාතික ප්‍රතිසංස්කරණ සදහා වූ වැඩපිළිවෙළ සැකසීමේ කමිටුවේ විශේෂ රැස්වීමකට කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

රට බරපතළ ව්‍යසනයකට වැටී ඇති මොහොතේ සියලු දෙනාගේම අරමුණ විය යුත්තේ එකට එක්ව සර්වපාක්ෂිකව මේ රට ගොඩනඟා ගැනීම වුවත්, අදවනවිට රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට රජය කටයුතු කර ඇතැයි ද විපක්ෂ නායකවරයා කීවේය. රට ගොඩනැගීම කෙසේ වෙතත් තරුණ පරපුර අබිරහස් අන්දමින් පැහැරගැනීමට ලක් වෙමින් සිටින බවද ප්‍රේමදාස මහතා පැවසීය.

මේ රටේ ලක්ෂ විස්සකට වැඩි ප්‍රමාණයකට ආධාර සහ පෝෂණ ශක්තිය අවශ්‍යව තිබෙන බවත්,එකී පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය මුදල පවා රටෙන් නැති තත්වයක් උද්ගතව තිබෙන බවත් ඒ මහතා පැවැසීය.

දේශපාලන නායකයින්, වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති නියෝජිතයින්, විද්වතුන් ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියහ.

Related posts

විශ්වවිද්‍යාලවලට සිසුන් 40,000ක් ලියාපදිංචිවෙලා

Editor O

අලුත්ගම සිදුවීමට අදාළව පොලිස්පතිගේ නියමයෙන් පරීක්ෂණ

Mohamed Dilsad

රට වසා දැමීමෙන් පමණක් කොරෝනා වසංගතය මර්දනය කළ නොහැකියි – ජනපති

Mohamed Dilsad

Leave a Comment