දේශීය

පාකිස්ථාන යුද්ධ නෞකාවක් කොළඹට

(UTV | කොළඹ) – පාකිස්ථාන නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ යුද්ධ නෞකාව නිල සංචාරයක් සඳහා අද (12) උදෑසන කොළඹ වරායට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ඒ අනුව, නාවික හමුදාව විසින් එම නෞකාව හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කරනු ලැබ තිබේ.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘PNS TAIMUR’ නෞකාව දිගින් මීටර් 134 හා 169ක පමණ නැව් මුළුවකගෙන් සමත්විත වන අතර, එහි අණ දෙන නිලධාරී ලෙස කපිතාන් එම්. යසීර් තාහීර් (M Yasir Tahir TI (M)) කටයුතු කරනු ලබ යි.

නාවික හමුදාව සඳහන් කළේ, ‘PNS TAIMUR’ නෞකාවේ අණ දෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර නිල හමුවක් අද බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදු වීමට නියමිතව ඇති බව ය.

එමෙන් ම, අදාළ නෞකාව අගෝ. 15 දක්වා දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළ එහි කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කර ගැනීමට සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහභාගි වීමට නියමිත ය.

‘PNS TAIMUR’ නෞකාව දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේ ශ්‍රී ලංකා නාවික හමුදාව සමග බටහිර මුහුදේදී ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සිදු කිරීමට නියමිතව ඇතැයි ද නාවික හමුදාව වැඩිදුරට ත් පැවසීය.

Related posts

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යළි කොවිඩ් මර්ධනයට

Mohamed Dilsad

ඡන්දයට ගමට ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන සේවාවක්

Mohamed Dilsad

මෙරට නිෂ්පාදිත ගිනි අවි 4 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment