(UTV | කොළඹ) – සමාව දෙන්නැයි ඉල්ලා ජනාධිපතිවරයා ට යවන ලිපියට සිරගතව සිටින රන්ජන් රාමනායක අත්සන් කර තිබේ.
ඔහුගේ නීතිඥයින් විසින් අදාළ ලේඛන සහිත ලිපිය සකස් කර ඇත.
ඒ අනුව රන්ජන් රාමනායක එම ලිපියට අත්සන් තැබූ බව ඔහුගේ නීතිඥයෙකු වන නීතිඥ දිනේෂ් විදානපතිරණ සඳහන් කළේය.