දේශීය

නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටීමක්

(UTV | කොළඹ) – නොරොච්චෝලේ බලාගාරයේ පළමු ඒකකයේ බිඳවැටීමක් සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව මේ වන විට දෝෂය හඳුනා ගැනීමට තාක්ෂණික කාර්ය මණ්ඩලය කටයුතු කරමින් ඇති අතර 2 වන ඒකකය නියමිත නඩත්තු කටයුතු සිදු කරමින් පවතින බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

නොරොච්චෝලේ බලාගාරයේ තුනවන ඒකකය ක්‍රියාත්මක වන බවත් සැපයුම කළමනාකරණය කිරීම සඳහා වෙස්ට් කෝස්ට් බලාගාරය සහ අනෙකුත් බලාගාර භාවිතා කරන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

Related posts

අඟුලාන පොලිසිය ඉදිරිපිට නොසන්සුන්කාරී තත්ත්වයක්

Mohamed Dilsad

ජනතාව උපයන ආදායමෙන් 75%ක් වැය වෙන විදිය

Editor O

ඩකා සිට ශ්‍රී ලාංකික සිසුන් 73 දෙනෙකු රැගත් ගුවන් යානය දිවයිනට

Mohamed Dilsad

Leave a Comment