දේශීය

2023 නිදහස් උළෙලේදී ජාතික ගීය දෙමළෙනුත්

(UTV | කොළඹ) – 2023 ජාතික නිදහස් දින උළෙලේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ද ගායනා කෙරෙනු ඇති බව ඊ.පී.ඩී.පී. නායක, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

අමාත්‍යවරයා පැවැසුවේ ජාතික නිදහස් දින උළෙලේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ද ගායනා කළ යුතු යැයි තමන් පෙරේදා (15) ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් පිළිගනු ලැබූ බව ය.

පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේදී ජාතික නිදහස් උළෙලේදී එම උළෙල අවසානයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කෙරුණු නමුත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ පාලන කාලයේදී ජාතික ගීය ජාතික නිදහස් දින උළෙලේදී දෙමළ භාෂාවෙන් ගායනා කිරීම නතර කෙරුණු බව ත් අමාත්‍යවරයා පැවසුවේ ය.

මේ පිළිබඳව වැඩිදුරට ත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ ජාතික උත්සවවලදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ද ගායනා කිරීම මෙරට දෙමළ, මුස්ලිම් ජනතාවගේ සතුටට මෙන් ම දැඩි ප්‍රසාදයට ත් ඔවුන්ගේ සිත් දිනා ගැනීමට ත් විශාල හේතුවක් වනු ඇති බව තමන් කැබිනට් මණ්ඩලය වෙත පෙන්වා දුන් බව ය.

Related posts

තවත් ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

යෞවන යෞවනියන් අතර, එච්අයිවී අවධානම ඉහළ ට.

Editor O

නාම යෝජනා ප්‍රතික්ෂේප වීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක්

Editor O

Leave a Comment