විදෙස්

සුරතල් බල්ලෙකුට MonkeyPox

(UTV |  ප්‍රංශය) – වඳුරු උණ ආසාදනය වී තිබෙන බල්ලෙකු ප්‍රංශයේ හඳුනාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම බල්ලාගේ හිමිකරුවන්ට ද වඳුරු උණ ආසාදනය වී ඇති අතර ඊට දින 12කට පසු බල්ලාගේ බඩේ සැරව බිබිලි ඇති වී ඇත.

තමන්ට රෝග ලක්ෂණ ඇති වූ පසු ඔවුන් තම බල්ලා වෙනත් පුද්ගලයින්ගෙන් සහ වෙනත් සුරතල් සතුන්ගෙන් ඈත් කර ඇති නමුත් ඔවුන්ගේ ඇඳේ සතා සමඟ නිදාගෙන ඇති බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

මිනිසුන් අතරේ ව්‍යාප්තිය සිදුවන වඳුරු උණ බල්ලෙකුට ආසාදනය වූ පළමු අවස්ථාව මෙය බව පැවැසෙයි.

ආසාදිත බල්ලාගෙන් යළි විකෘතිකරණය වී, වෛරසය මිනිසුන්ට ආසාදනය වේවිද නැද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව එම වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

දින ගණනකට පසු නවසීලන්තයේ නැවතත් කොරෝනා

Mohamed Dilsad

නයයෑම් සහ ජලගැලීමෙන් ඉන්දුනීසියාවේ 708 දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

ජමාල් කශෝගිගේ මරණය ගැන සෞදි අරාබි රජයේ තීරණය

Mohamed Dilsad

Leave a Comment