Trending News

අද කොළඹ පාගමන් වලට එරෙහිව අධිකරණ නියෝගයක්

(උදයම්,කොළඹ)  –  අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව අද කොළඹ ප්‍රදේශ කිහිපයක පැවැත්වීමට නියමිත පා ගමන වළක්වාලමින් ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර තහනම් නියෝගයක් නිකුත් කළේය.

මහජන සාමය කඩවන අන්දමට සහ මහජනයාගේ දෛනික කටයුතුවලට බාධාවන පරිදි උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීමේ සූදානමක් පවතින බවට කුරුඳුවත්ත පොලීසිය කළ දැනුම්දීමක් සළකා බලමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස සහ තවත් අධ්‍යාපන ගැටළු කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලීය බල මණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව කොළඹ වෝඩ් පෙදෙස, ජාතික රෝහල, අක්ෂි රෝහල සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී සහ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින්මෙම විරෝධතා පා ගමන්  පැවැත්වීමට නියමිත බවට තොරතුරු වාර්තාවී තිබේ.

Related posts

தொடரும் குளிரான காலநிலை

Mohamed Dilsad

பிற்போடப்பட்ட கிரிக்கட் போட்டிகள் திட்டமிட்டபடி

Mohamed Dilsad

Veteran actor Sir John Hurt dies at 77

Mohamed Dilsad

Leave a Comment