දේශීය

හිටපු ජනපතිගේ වියදම් ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – තමන් විදේශගතව සිදුකරන සියලු වියදම් සඳහා වැය කරන්නේ තමාගේ පෞද්ගලික මුදල් බව ත් මේ සඳහා කිසිදු රජයේ මුදලක් ලබාගෙන නොමැති බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදේශයන්හිදී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බව ත් එවැනි සියලු වියදම් ඔහුගේ පෞද්ගලික මුදලින් දරනු ලබන බ වත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

තමාගේ එතෙර වියදම් ගැන විවිධ පුද්ගලයන් මත පළ කර තිබුණ ත් ඒ සියලු වියදම් සඳහා වැය කරනු ලැබුවේ තමාගේ පෞද්ගලික මුදල් බවට අවධාරණය කළ බව එම නිවේදනයේ සඳහන් කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එතෙර වියදම් ගැන අදහස් දක්වමින් හිටපු සහ වත්මන් ජනාධිපතිවරුන්ට නීතියෙන් ඇතැම් වරප්‍රසාද හිමි බවට ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන සතියේ ඇමති මණ්ඩල තීරණ දැනුම් දීම සාකච්ඡාවේදී පවසා තිබුණු පසුබිමක මෙම තොරතුරු සමාජගත වූ බවත් එහි දී වැඩිදුරට ත් දක්වා තිබේ.

Related posts

රාමසාන් උපවාස සමය අද සිට

Mohamed Dilsad

රන් මිල සීඝ්‍රයෙන් ඉහළට

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් තිබුණේ නැහැ – මහින්ද රාජපක්ෂ

Editor O

Leave a Comment