Trending News

විදුලි පාරිභෝගිකයින්ට කාල පාදක ගාස්තු ක්‍රමයක් තෝරාගැනීමට අවස්ථාව

(උදයම්,කොළඹ)  – ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලි පුද්ගලික සමාගම ගෘහස්ථ විදුලි පරිභෝජකයන් සඳහා ඔවුන්ගේ විදුලි පාරිභෝගික රටාව වෙනස් කළ හැකි කාල පාදක ගාස්තු ක්‍රමයක් තෝරාගැනීමට අවස්ථාව ලබාදී ඇති බව ලංකා විදුලිබල අමාත්‍යාංශය පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් මෙය ක්‍රියාත්මක කිරීමටයි අනුමැතිය ලබාදී ඇත.

විදුලි පාරිභෝගිකයාගේ විදුලිය භාවිතා කිරීමේ කාලවේලාව අනුව රාත්‍රී 10.30 සිට උදෑසන 5.30 දක්වා ඒකකයක මිල රුපියල් 13 ක් වේ.

උදෑසන 5.30 සිට සවස 6.30 දක්වා ඒකකයක මිල වනුයේ  රුපියල් 25 කි.

සවස 6.30 සිට රාත්‍රි 10.30 දක්වා ඒකකයක මිල රුපියල් 54 ක් ලෙස සඳහන් කර තිබේ.

මෙම විදුලි ගාස්තු ක්‍රමය හඳුන්වා දීම තුළින් පාරිභෝගිකයින්ට ගාස්තු වැඩිකිරීමක් අපේක්ෂා නොකරන බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේය.

වැඩිම විදුලි ඉල්ලුම පවතින පස්වරු 6.30 සිට රාත්‍රි 10.30 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කරගැනීම මෙම නව ක්‍රමයේ අරමුණය.

එමෙන්ම මෙම කිසිදු ක්‍රමවේදයකට අනුගතවීම පාරිභෝගිකයන්ට අනිවාර්ය නොවන අතර මෙම ගාස්තු ක්‍රමය පාරිභෝගිකයා කැමතිනම් පමණක් තෝරාගත හැකි බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.

Related posts

248 உள்ளாட்சி மன்றங்களுக்கான 2ஆம் கட்ட வேட்புமனுக் கோரல் இன்று

Mohamed Dilsad

Marieke Vervoort: Paralympian ends life through euthanasia at age of 40 – [IMAGES]

Mohamed Dilsad

මධ්‍යම පළාතේ දෙමළ මාධ්‍ය පාසල් නොවැම්බර් 01දා නිවාඩුයි.

Editor O

Leave a Comment