දේශීය

පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලාංකික සිසුන් හට ජින්නා ශිෂ්‍යත්ව පිරිනමන ලදී

(UTV | කොළඹ) – පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය විසින් දක්ෂ ශ්‍රී ලාංකික උසස් පෙළ සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක් 2022 අගෝස්තු 16 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) සංවිධානය කරන ලදී. අගෝස්තු 14 වැනිදාට යෙදී තිබූ පාකිස්තානයේ 75 වැනි නිදහස් දිනයට සමගාමීව මෙම උත්සවය පැවැත්විණි. 2006 වසරේ සිට, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ හදාරන ශ්‍රී ලාංකික සිසුන් සඳහා පාකිස්ථාන රජය විසින් ශිෂ්‍යත්ව ප්‍රදානය කර ඇත. එමෙන්ම, මේ වන විට ශ්‍රී ලාංකික සිසුන් 2300ක් පමණ මෙම ජින්නා ශිෂ්‍යත්ව වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබා ඇත.

පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උමාර් ෆාරුක් බර්කි මහතා උත්සවයට පැමිණි සියලුම අමුත්තන් පිළිගත්තේය. වඩා හොඳ අධ්‍යාපන අවස්ථා තුලින් ශ්‍රීලංකා තරුණ තරුණියන්ගේ කුසලතා වර්ධනය ඉහළ නැංවීමේ දී පකිස්ථානය ශ්‍රී ලංකාවේ සාඩම්බර හවුල්කරුවෙකු වන බවත්, වෛද්‍ය විද්‍යාව, දන්ත වෛද්‍ය විද්‍යාව, ඖෂධවේදය සහ ඉංජිනේරු විද්‍යාව යන ක්ෂේත්‍රවල පාකිස්ථාන රජය 1976 වසරේ සිට පාකිස්ථාන තාක්ෂණික ආධාර වැඩසටහන (PTAP), අල්ලාමා ඉක්බාල් ශිෂ්‍යත්වය ඇතුළු විවිධ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රම යටතේ ශ්‍රී ලාංකික සිසුන්ට උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දෙන බවත් ඔහු සඳහන් කළේය. තවද, පාකිස්ථාන මහ කොමසාරිස්වරයා උත්සවයට සහභාගී වූ සම්භාවනීය අමුත්තන්ට සිය කෘතඥතාවය පළ කළ අතර දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවයේ වැදගත්කම සහ මෙම ශක්තිමත් සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පකිස්ථානයේ අරමුණයයි සඳහන් කළේය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහභාගී විය. ගරු අමාත්‍යවරයා, පකිස්ථානයේ රජය මෙම වැඩසටහනය අගය කළ අතර ජින්නා ශිෂ්‍යත්වයට තේරී පත් වූ සිසුන්ට සුබපැතුම් එක් කළේය. එසේම, පකිස්ථානයේ පියා වන ක්වායිඩ්-ඉ- අසාම්, මුහම්මද් අලි ජින්නා මහතාට සිය ගෞරවාචාරය පුද කළ අතර, කිසිදු භේදයකින් තොරව මෙම ශිෂ්‍යත්ව ශ්‍රී ලාංකික සිසුන්ට පිරිනැමීම සතුටට කරුණක් බව පැවසීය. පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් සබඳතා සිහිපත් කළ අමාත්‍යවරයා 2006 සිට ශ්‍රී ලාංකික සිසුන් රැසකට ප්‍රතිලාභ ලබා දුන් කීර්තිමත් ජින්නා ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය අගය කළේය.

Related posts

ලංකාවේ සහායට අමෙරිකාවත් එක්වෙයි

Mohamed Dilsad

මගීන්ගේ ආරක්‍ෂාවට දුම්රිය ගමන් වාර ගණන තවත් වැඩි කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවා අත්‍යවශ්‍ය සේවාවක් කරයි

Mohamed Dilsad

Leave a Comment