දේශීය

කොළඹ – පුත්තලම මාර්ගයේ ගමන් ගන්නා රියැදුරන්ට දැනුම් දීමක්

(UTV | කොළඹ) – කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීමට සිදු වන බව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, ඊයේ (20) සහ අද (21) දිනවල වෙන්නප්පුව පොලිස් වසමේ වයික්කාල ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනා ගමනය වයික්කාල දුම්රිය හරස් මාර්ගය අසලින් සීමා කිරීමට සිදුවන බව ය.

ඒ අනුව, එම මාර්ගයේ ගමන් ගන්නා සියලු රථ වාහන අවහිරතාවකින් තොරව ගමන් කිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

Related posts

දුරකථන ජාවාරමක්

Mohamed Dilsad

බැකෝ සමන්ගේ පවුලේ අයගේ බැංකු ගිණුම් කිහිපයකට වාරණ නියෝග

Editor O

තවත් ෆේස්බුක් සාදයක් වටලයි

Mohamed Dilsad

Leave a Comment