දේශීය

Yuan Wang 5 නෞකාව අද පිටත්වෙයි

(UTV | කොළඹ) – දිවයිනට පැමිණි Yuan Wang -5 චීන පර්යේෂණ නෞකාව යළි අද (22) දිනයේ චීනය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පස්වරු 4.00 ට චීන පර්යේෂණ නෞකාව යළි චීනය බලා පිටත්ව යාමට නියමිත අතර එම නෞකාව පසුගිය 16 වනදා හම්බන්තොට වරාය වෙත පැමිණි අතර එය අද දිනය දක්වා එම වරායේ නැංගුරම්ලා තැබීමට අවසර හිමි වුණා.

නෞකාව හම්බන්තොට වරාය වෙත පැමිණෙන බව දැනුම්දීමත් සමඟ ඉන්දියාවෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර පසුව යළිත් අදාළ නෞකාවට හම්බන්තොට වරාය වෙත පැමිණිමට අවසර ලබාදී තිබුණා.

Related posts

බස්නාහිර පාසැල්වල සෙසු ශ්‍රේණි ආරම්භ කිරීමේ සූදානමක්

Mohamed Dilsad

ගිවිසුමකට අත්සන් තියන්න ධවල මන්දිරේට පැමිණි සෙලෙන්ස්කිට පුටින්ගෙන් දොස්

Editor O

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හදිසියේ අසනීපව දැඩි සත්කාර ඒකකයට ඇතුල් කරයි.

Editor O

Leave a Comment