දේශීය

අද දිනයේත් පැය 3ක විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (23) දිනයේත් පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බලමණ්ඩලයට අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව දිවා කාලයේ පැයයි මිනිත්තු 40ක සහ රාත්‍රි කාලයේ පැයයි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

A සිට L දක්වා සහ P සිට W දක්වා පස්වරු 1 සිට රාත්‍රී 10 දක්වා මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතව තිබේ.

ඊට අමතරව M,N,O,X,Y,Z කලාප සඳහා පෙරවරු 5.30 සිට උදෑසන 8.30 දක්වා පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේය.

එසේම CC කලාපය සඳහා පෙරවරු 6 සිට පෙරවරු 8.30 දක්වා පැය 2යි මිනිත්තු 30කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇත.

Demand Management Schedule … by Mahesh Liyanage

Related posts

ඇමරිකාවෙන් මෙරටට පුද්ගලාරක්ෂක උපකරණ තොගයක්

Mohamed Dilsad

පිල්ලෙයාන්ගේ කාර්යාලයක බෝම්බ දෙකක්

Mohamed Dilsad

රැඳවියන්ට අද විශේෂ ආහාර වේලක්

Mohamed Dilsad

Leave a Comment