දේශීය

බිත්තර මිල තවම අඩු කරලා නෑ – බේකරි හිමියන්

(UTV | කොළඹ) – පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පසුගියදා ක්‍රියාත්මක කරන ලද උපරිම සිල්ලර මිලට බිත්තර ලබා ගැනීමට බේකරි හිමියන්ට නොහැකි වී ඇති බවට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය චෝදනා කරනවා.

බිත්තරයක මිල රුපියල් 65 දක්වා වැඩි කිරීම අසාධාරණ බව එම සංගමේ සභාපති එන්.කේ.ජයවර්ධන පැවසීය.

එබැවින් එවැනි මිල ඉහළ යාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔවුන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් සහ වෙළෙඳ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව ඔහු පැවසීය.

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය සිකුරාදා ගත් තීරණය ඔහු අගය කළේය.

කෙසේ වෙතත්, මෙම නියාමනය පනවා දින දෙකක් ගතවී ඇතත් මිල සංශෝධනය ක්‍රියාත්මක කර නොමැති බව ඔහු පැවසීය.

Related posts

පළාත් කිහිපයකට අදත් තද වැසි

Mohamed Dilsad

බැඳුම්කර ගනුදෙනුවේ 08 වැනි සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

රුසියාවේ ස්පුට්නික් V කොරෝනා එන්නතේ මාත්‍රා මිලියන 7ක් ලංකාවට

Mohamed Dilsad

Leave a Comment